මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදන අනුව අද (03) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 322.44ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 333.43ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම එම නිවේදන අනුව පසුගිය ඔක්තෝබර් මස 04 වෙනි දින සිට අද (නොවැම්බර් මස 03) වෙනි දින දක්වා ගෙවුනු මාසය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අව ප්‍රමාණය වීම අද වාර්තා වී තිබේ.
පසුගිය ඔක්තෝබර් මස 04 වෙනි දිනට මධ්‍ය අගය ඩොලරයට රුපියල් 323.76ක් වී තිබු අතර අද වනවිට එය රුපියල් 329.06ක් දක්වා පහත වැටී තිබිණි.
ඒ අනුව මේ මාසය තුළ රුපියල් 5.3කින් රුපියල බිඳවැටී ඇති බව මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදනවලින් හෙළි වේ.
එමෙන්ම මහ බැංකු විනිමය වාර්තා අනුව ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 03 දක්වා සතිය තුළ රුපියල් 2.56කින් රුපියල කඩාවැටී ඇත.
මෙම වසර අවසන් වනවිට රුපියල තවත් දරුණු කඩාවැටීමකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ සමාගම් අනතුරු අඟවා තිබේ.












