මේ වසරේ (2023) ගත වූ මාස 10 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් මරණ 32ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්ර් පළමු වැනිදා දක්වා මාස 10ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,497 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 32,862ක් බවත් එම ඒකකය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 14,475 දෙනෙකු වාර්තා වී තිබේ.
එමෙන්ම මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙකුද වයඹ පළාතෙන් 5,671 දෙනෙකුද සබරගමුව පළාතෙන් රෝගීන් 5,651 දෙනෙකුද වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
Views: 0










