මූල්‍ය අරමුදලෙන් රාජ්‍ය මූල්‍ය ආයතනවලට ශොට්එක දෙන හැටි අහම්බෙන් එළියට

මූල්‍ය අරමුදලෙන් රාජ්‍ය මූල්‍ය ආයතනවලට ශොට්එක දෙන හැටි අහම්බෙන් එළියට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ඩොලර් කෝටි 290ක ණය මුදලෙන් දෙවන වාරිකය ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබීම ඉවත්කරගෙන ඇත්තේ මෙම වසර අවසන් වනවිට රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දැඩි කොන්දේසි පැනවීමෙන් බව අනාවරණය වේ.

මූල්‍ය අරමුදල නිකුත් කළ නිල නිවේදනය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ කරන ලද නිවේදනයෙන් මේ බව හෙළි වේ.

එම නිවේදනයේ “මේ වසර අවසන් වනවිට රාජ්‍ය මූල්‍ය අංශයේ සිදු කිරීමට අපේක්ෂිත සැලකිය යුත ගැළපීම් ද ඇතුළුව ඔවුන් විසින් සිදු කරන ප්‍රතිසංස්කරණ ප්‍රයත්න ප්‍රශංසනීයයි.” යන වගන්තියෙන් මෙ බව අවධාරණය කර ඇත. රජයට අයත් ප්‍රධාන බැංකු 06ක කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ විකිණීමට මේ වනවිටද ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කර අවසන්ය.

ඊට අමතරව නැවත වටයකින් අතිවිශාල බදු බරක් ජනතාව මත පැටවීමටද සිදු වී තිබේ. මෙම වසරට අදාළව ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොසතුට පල කර තිබිණි. ලබන වසරේදී තවදුරටත් බදු ආදායම් ඉහළගම ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව මේ වනවිට විවිධ වාර්තාවලින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්