“නමුත් අපේ පනතේ ‘තහනම් ප්‍රකාශ’ හා ‘අසත්‍ය ප්‍රකාශ’ ලෙස හඳුන්වන දේවල් තිබෙනවා. තහනම් ප්‍රකාශ කියන්නේ මොනවාද යන්න 12වැනි වගන්තියේ සිට 23වැනි වගන්තිය දක්වා තිබෙනවා. මේ පනත යටතේ පත්කරනවා කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් එකට පුද්ගලයන් පත්කරන්නේ ජනාධිපතිතුමා. ඒ අය ඉවත් කරන්නේ ජනාධිපතිතුමා. එහෙම බලන විට මෙය ස්වාධීන කොමිෂන් එකක් වෙන්නේ නැහැ. ඒ අය කා වෙනුවෙන්ද වැඩ කරන්නේ, ජනාධිපතිට උවමනා විදිහට. මේ පනතේ භයානකම දේ එතනයි තිබෙන්නේ. 11 වෙනි වගන්තියට අනුව කොමිෂමට ලැබී තිබෙන බලතල අනුව අන්තර් ජාලයේ හෝ වෙබ් සයිට් එකෙ තිබෙන එකක් තහනම් ප්‍රකාශයක්ද නැද්ද යන්න ඔවුන්ට තීරණය කළ හැකියි. ඔවුන්ට අදාළ වෙබ් සයිට් එකට නියෝගයක් දිය හැකියි, ඕක ඉවත් කරන්න. නැතිනම් ප්‍රචාරය කිරීම නවත්වන්න. එම වෙබ් ජාලය එය පිළිගත්තේ නැතිනම් 25වැනි වගන්තිය යටතේ අවුරුදු පහක් හිරේ යාමට සිදුවෙන වරදක් ලෙස දක්වනවා. මෙය තහනම් ප්‍රකාශයක් ලෙස තීරණය කරන්නේ රනිල් වික්‍රමසිංහ පත්කළ පස්දෙනෙක්.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර,
“මම පැහැදිලි කරන්න අදහස් කරන්නේ “ඔන් ලයින් සේෆ්ටි” නැතිනම්, මාර්ග ගත ආරක්ෂණය කියන ගැසට් පත්‍රය සම්බන්ධයෙන්. අන්තර්ජාල, නොයෙකුත් වෙබ් සයිට් හරහා යම් යම් හානිකර දේවල් ප්‍රචාරය වෙනවා. යම් අසත්‍ය දේවල් ප්‍රචාරය වෙනවා. ජනතාව අතර මතයක් හැදෙනවා මේ වැරදි දේවල් නවත්වන්න උවමනායි කියන කාරණාව. ඒ කරුණට ජාතික ජන බලවේගයේ අපිත් විරුද්ධ නැහැ. යම් ආකාරයක පාලනයක් අවශ්‍ය නිසා.
නමුත් රජය මේ පනත ගේන්නේ එවන් සත්භාවයෙන් නොවෙයි. මෙය සාධාරණීයකරන කිරීමට මොවුන් කියන්නේ මේ වගේ පනත් එංගලන්තයේත්, සිංගප්පූරුවේත් තිබෙනවා කියලා, අපි එය පිළිගන්නවා. මේ පනත අධ්‍යයනය කර බලන්න. ඒ පනත්වලින් ඒ අය උත්සාහ කරන්නේ නීති විරෝධී, අන්තර්ගත තිබෙන දේ වෙබ් සයිට්වලින් ඉවත් කිරීම. බරපතළ ළමා ලිංගික අපයෝජනයන්, මිනීමැරීම්, කුඩා ළමුන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ වයස් තෝරාගැනීමේ හැකියාව, ආයුධ විකිණීම, මත්ද්‍රව්‍ය විකිණිම් වැනි බරපතළ ප්‍රශ්න. ඒ රටවල ඒවා දැනටමත් නීති විරෝධී දේවල්. ඒවා ඉවත් කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.
නමුත් අපේ පනතේ ‘තහනම් ප්‍රකාශ’ හා ‘අසත්‍ය ප්‍රකාශ’ ලෙස හඳුන්වන දේවල් තිබෙනවා. තහනම් ප්‍රකාශ කියන්නේ මොනවාද යන්න 12වැනි වගන්තියේ සිට 23වැනි වගන්තිය දක්වා තිබෙනවා. මේ පනත යටතේ පත්කරනවා කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් එකට පුද්ගලයන් පත්කරන්නේ ජනාධිපතිතුමා. ඒ අය ඉවත් කරන්නේ ජනාධිපතිතුමා. එහෙම බලන විට මෙය ස්වාධීන කොමිෂන් එකක් වෙන්නේ නැහැ. ඒ අය කා වෙනුවෙන්ද වැඩ කරන්නේ, ජනාධිපතිට උවමනා විදිහට. මේ පනතේ භයානකම දේ එතනයි තිබෙන්නේ. 11 වෙනි වගන්තියට අනුව කොමිෂමට ලැබී තිබෙන බලතල අනුව අන්තර් ජාලයේ හෝ වෙබ් සයිට් එකෙ තිබෙන එකක් තහනම් ප්‍රකාශයක්ද නැද්ද යන්න ඔවුන්ට තීරණය කළ හැකියි. ඔවුන්ට අදාළ වෙබ් සයිට් එකට නියෝගයක් දිය හැකියි, ඕක ඉවත් කරන්න. නැතිනම් ප්‍රචාරය කිරීම නවත්වන්න. එම වෙබ් ජාලය එය පිළිගත්තේ නැතිනම් 25වැනි වගන්තිය යටතේ අවුරුදු පහක් හිරේ යාමට සිදුවෙන වරදක් ලෙස දක්වනවා. මෙය තහනම් ප්‍රකාශයක් ලෙස තීරණය කරන්නේ රනිල් වික්‍රමසිංහ පත්කළ පස්දෙනෙක්.
සිංගප්පූරුවේ කොමිෂම හරහා තමයි නියෝගයක් දෙන්නේ. නමුත් ඒ නියෝග අභියෝග කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තිබෙනවා. අපේ මේ පනතේදි එහෙම බැහැ. මේ පනත ගේන්නේ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට සහ මිනිසුන්ගේ භාෂාවේ නිදහස අයින් කිරීමට. අඩුම තරමින් අපට එය අභියාචනයක් කිරීමට වත් ඉඩ තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. මේ කොමිෂම කුමක් හෝ තහනම් කිරීමට කලින් ඒ පුද්ගලයන් කැඳවා ඇසීම අනිවාර්ය කිරීමේ වගකීම පවරා නැහැ. මේ අනුව මේ පනත භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කරන අවස්ථාවක්.
මෙහි තිබෙනවා ආගමික කරුණුවලට වන බලපෑම්, ළමා අපයෝජනයට අන්තර් ජාලය භාවිතා කිරීම ඒක වරදක්. මේ යෝජනා හොඳ නමුත් 12වන වගන්තියේ “යම් පුද්ගලයෙක් අසත්‍ය ප්‍රකාශයක් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට තර්ජනයක් වෙනවා නම්, පුද්ගලයන් අතර වැරදි හැඟීම් හරහා ක්‍රෝධයක් එනවා නම්,” එය තහනම් කළ හැකියි කියන ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශ වෙබ් සයිඩ්වලින් පැය 24ක් ඇතුළත ඉවත් කළ යුතු වෙනවා. මේ පනතේ මේ වගන්තිය ඉතාම පුළුල් නිර්වචනයක්. මෙය හොඳ පැත්තට වගේම වැරදි පැත්තටත් අදාළ වෙනවා. මේ වගන්තිය හරියට බටර් ගාන්න ගන්න හැන්ද වගේ. ඒ හැන්දෙන්ම කාට හෝ ඇන මරන්නත් හැකියි.
කලින් ගෙනාවා පුනරුත්ථාපන පනත. මාධ්‍ය නියාමන අධිකාරී පනත. ඒවා හකුලා ගන්න සිදුවුණා. මේ පනත් ඒමෙන් ලබන වසරේ මැතිවරණයක් එන ලකුණු පෙන්නුම් කරනවා. දේශමාමක ප්‍රතිවාදීන් මර්දනය කරලා, රැලියක්වත් පවත්වන්න බැරි තරමට නවතවලා අසූ ගණන්වල වගේ රනිල්ට තමන් කැමති දෙයක් කර ගන්න ඉඩකඩ හැදෙනවා. මේ මුහුණු පොතයි, මාධ්‍ය ජාලා නොතිබුණා නම් ජනතාවට ඇත්ත දැන ගැනීමට නොහැකි වෙනවා. මේ පනත් ඉලක්ක වෙලා තිබෙන්නේ අදහස මර්දනය කිරීම සඳහා. දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන වැරදි මෙහි වෙනත් ආකාරයකින් තිබෙනවා. උදාහරණයක් ලෙස 14 වගන්තියේ කෝලාහල ඇති කිරීමට අන්තර්ජාලය පාවිච්චි කිරීම. දණ්ඩ නීති සංග්‍රහයේ 150 වගන්තියේ තිබෙනවා. වංචා කිරීම කියන වරද. දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන දඬුවම දණ්ඩ නීති සංග්‍රහයේ වරද අනුව වසර 07ක් දෙනවා. මේකේ දෙන්නේ අවුරුදු එකයි. මේකේ අන්තර්ජාල සේවා සපයන්නන් පවා තහනම් කළ හැකියි. වට්ස්ඇප්, ෆේස් බුක් වගේ ආයතන අකුලාගෙන මේ රටෙන් යාවි. ෂක්‍ක්‍ඡඍ එක යටතේ කීදෙනෙක් අත්අඩංගුවට ගත්තද? මාධ්‍ය සංදර්ශන තිබුණාද? රිමාන්ඩ් තබාගෙන හිටියද? ආණ්ඩුවට අවශ්‍ය මේ හරහා නඩු පවරන්නවත්, ජනතාව ආරක්ෂා කරන්නවත් නොවෙයි. දහදෙනෙක් අත්අඩංගුවට ගත්තම සිය දෙනෙක් කතා කරන එක නවත්වනවා. ඒ දේ කිරීමේ උවමනාව තමයි මේ පනතේ තිබෙන්නේ. මේ නීති ගෙනවා නම් පළමුවෙන්ම කළ යුත්තේ සදාචාරයෙන් යුතු හික්මීමක් තිබෙන මිනිස්සු. රනිල් වික්‍රමසිංහ මහජන ඡන්දයෙන් පත් නොවුණු, ඉතාම අධම, බලයට කෑදර පුද්ගලයෙක්. විපක්ෂය මර්දනය නොකර ඔහුට ඡන්දෙකින් දිනන්න බැරි බව ඔහු දන්නවා. ඒ නිසා තමන්ට එදිරිවන සියලුම ප්‍රතිවාදීන් මර්දනය කොට, ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් හැදීම ඔහුගේ අභිලාෂය. ජාතික ජන බලවේගය පමණක් නොවෙයි මේ රටේ සියලුම පුරවැසියන් මේ පනතට විරෝධත්වය දැක්විය යුතුයි. අපි ජනතාව දැනුවත් කරමින් මේ ගමන යනවා. රනිල් වික්‍රමසිංහට අපි කියනවා ඔයා මොන සෙල්ලම් දැමුවත් ඔයාට අපි වැඩිය දඟලන්න දෙන්නේ නැහැ.”










