පාස්කු ප්‍රහාරය සිදු වූයේ 2019දී බවත් එවකට පැවතියේ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව බැවින් වගකිවයුත්තේ ඔවුන් බවත් මෙහි වගකීම රාජපක්ෂලා පිට පටවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂාලව ආරක්ෂා කරනවා යැයි චෝදනා කිරීම වැරදි බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති සහ අාණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ඔහු මේ බව පැවසූවේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 04” හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ඊයේ (21) ආරම්භ කළ පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පවත්වන දෙදින විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඇමති ප්‍රසන්න රණතුංග දැක්වූ අදහස්,
“මේ සිදුවීම 2019 අප්‍රේල් මාසයේ සිදු වෙන්නේ. එතකොට 2015 බලයට එන්නේ යහපාලන ආණ්ඩුව. ඒ කාල සීමාවේදී ඒ අයට අවශ්‍ය පහසුකම් දුන්නා කියන්නේ ඔබතුමන්ලමයි. සහරාන්ව ෆෝම් කරලා තියෙන්නේ, අවශ්‍ය පහසුකම් දිලා තියෙන්නේ ඔබතුමන්ලාගේ කාලයේයි. එහෙම කරානම් වැරැදියි. මේක කළේ ත්රස්තවාදීන් නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. අද අපි කතා කරන මේ දේ නැවත මතු වුණේ චැනල් ෆෝ නාළිකාවේ කාරණාවත් එක්ක. චැනල් ෆෝ නාළිකාවේ විකාශය වූ වැඩසටහන ඇත්තටමද පාස්කු ප්‍රහාරය ගැනද ඉලක්ක කළේ. මා විශ්වාස කරනවා ඒක නෑ කියලා. මේ සම්පූර්ණ වැඩසටහනින් පහෙන් එකයි පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ. පහෙන් හතරක් කතා කරන්නේ යුද්දේ ගැනයි. මේ සිද්ධිය වෙනකොට මේ රටේ ආණ්ඩුව කළේ යහපාලන ආණ්ඩුවයි. මෙතැන ඉන්න බොහෝ දෙනෙක් ඇමතිවරු ඒ ආණ්ඩුවේ. ඒ කාලේ පරීක්ෂණයක් කළා. ජනාධිපති කොමිසම් පත් කළා.
අපි හිටියේ විපක්ෂයේ. ඒ අය අද කතා කරන්නේ සුදොනෝ වගේ. ඒකට දේශපාලනය ගාව ගන්න හොඳ නෑ. දේශපාලනය අල්ලගෙන විපක්ෂය උත්සාහ කරනවා මේක රාජපක්ෂලාගේ එකක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක ආරක්ෂා කරන්න හදනවා කියලා මතයක් හදන්න හදනවා. ඒ පැත්තට මේක තල්ලු කරන්න එපා. බුද්ධි අංශය, හමුදාව, පොලිසිය විවේචනය කරල ඒ අය තුළ විශ්වාසයක් නැති කරගත්තොත් ඒක රටේ ජාතික ආරක්ෂාවට බලපානවා. ඒවට සම්බන්ධ පුද්ගලයන් ඉන්නවානම් ඒ අයගෙ නම් කියමු. පාස්කු ප්‍රහාරය එල්ලකළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගේන්නලු.
ඒ වගේම මෙතන කතා වුණා සොනික් සොනික් ගැන. මම මේව ගැන දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් පත්කළේ ඔබතුමන්ලගේ කාලයේදියි. අපි ඒ කොමිසමේ නිලධාරීන් කවුරුවත් වෙනස් කළේ නැහැ. හතළිස් දෙනෙකුට විතර නඩු දාල තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන එෆ්.බී.අයි. එකත් මේ ගැන පරීක්ෂණයක් කළා. ඕස්ටේ්රලියානු ආරක්ෂක අංශවලින් පරීක්ෂණ කළා. ඒව වැඩක් නැත්නම් ඔබතුමන්ල කණ්ඩායමක් නම් කරන්න මේ ගැන පරීක්ෂණ කරන්න. එතකොට ඉවරයි. අපි මේව හංගන්න කටයුතු කරන්නේ නැහැ. මෙයාලට රාජපක්ෂ මහත්තුරු ගැන පුදුම භීතිකාවක් තියෙන්නෙ.”










