ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 2020 වසරේ ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබූ වරෙන්තුව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (18) වනදා අත්හිටුවා ඇති බැවින් එම චූදිතයන් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම පමා කරන්නේ කුමක් නිසාදැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ, නගරාධිපතිගේ නියෝග මත කඩා දැමූ එම ගොඩනැගිල්ල පිහිටි භුමයේ ඊයේ (21) සිදු කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එම අවස්ථාවට ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින්, භික්ෂූන් වහන්සේලා සහ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් එක්වී සිටියහ.










