සෞඛ්‍ය සේවයට අසාධ්‍යයි – ජන ජීවිත අනතුරේ – සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

සෞඛ්‍ය සේවයට අසාධ්‍යයි – ජන ජීවිත අනතුරේ – සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාය විසින් සංවිධායක කර ඇති විරෝධතා අද (22) මෙරට සියලුම රෝමල් සහ සෞඛ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්වේ.

ඒ සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන එක්වීමට නියමිත අතර අද දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn