නිශාන්ත මුතුහෙට්ටි රක්ෂිත බන්ධනාගාරයට

නිශාන්ත මුතුහෙට්ටි රක්ෂිත බන්ධනාගාරයට

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර නියෝග කර තිබේ.

ඒ ඔහු අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙසද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර එහිදී නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn