ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Alrashidi සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අතර හමුවක් අද (13) ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති කාර්යාලයේදී සිදුවී තිබේ.
මෙම හමුවේදී ඕමානයේ ජීවත්වන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් පිළිබඳවත් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ඕමාන ආයෝජන සහ ඕමානය තුළ සිදුකළ හැකි ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳවත් සාකච්ඡා සිදු කෙරී ඇත.
මෙහිදී විශේෂයෙන් ඕමාන තානාපතිවරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් කැමැත්තක් දක්වන්නේ නම් ඕමානය තුළ ඔවුන්ගේ ආයෝජන සිදුකළ හැකි අතර තම රජයට ඒ සම්බන්ධයෙන් සහයෝගය ලබාදිය හැකි බවයි. එහිදී එම ආයෝජන තුළින් ලබන ලාබය ශ්‍රී ලංකාවට ලබාගත හැකියාව මෙන්ම එම ව්‍යාපර තුළ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථාව ලබාගැනීමට හැකියාව තිබෙන බවද තානාපතිවරයා පෙන්දී තිබේ.
එම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා ආයෝජකයින්ට ඉන් ඇති වී තිබෙන බලපෑමත් එම තත්වයන් වෙනස් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගය යෝජනා කරන ප්රතිපත්තීන් පිළිබඳවත් බිමල් රත්නායක සහෝදරයා අදහස් හුවමාරු කරගෙන ඇත.












