සහල් මිල යළි වේගයෙන් ඉහළට

සහල් මිල යළි වේගයෙන් ඉහළට

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළමින් පැවතුණද සහල් මිල වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත අනුව මෙයට අදාළ මිල ගණන් හෙළිකර ඇත. පසුගිය මාසයේ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 203.20ක් වූ අතර පසුගිය සතිය වනවිට එය 209.00ක්ද මෙම සතිය වනවිට 213.20ක්ද දක්වා ක්‍රමාණුකූලව ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම සුදු කැකුළු සහ රතු කැකුළු සහ නාඩු යන සහල් වර්ගද එ ලෙසම ඉහළ යමින් පවතී. පසුගිය මාසයේ නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 175.80ක් වූ අතර පසුගිය සතිය වනවිට එය 190.75 දක්වාද, මෙම සතිය වනවිට රුපියල් 196.00 දක්වා ද ඉහළ ගොස් තිබිණි.

Facebook
Twitter
LinkedIn