කතානායක ආරක්ෂක ඇමතිකමට කුරුමානම් අල්ලනවාද?

කතානායක ආරක්ෂක ඇමතිකමට කුරුමානම් අල්ලනවාද?

සඟවා තිබෙන සහල් සහ සීනි තොග වැටලීමට විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා පොලිසිය යෙදවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ ත්‍රිවිධ හමුදාව තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතී. එසේ තිබියදී එම අමාත්‍යවරුන්ගෙන් අදාළ වැටලීම් සඳහා ආරක්ෂක අංශ යොදවන ලෙස ඉල්ලීමක් කිරීම වෙනුවට ඍජුවම යොදවන බව ප්‍රකාශ කිරීම ගැටළු සහගත වී තිබේ.

මේ වනවිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 300 ඉක්මවා ඇති අතර සීනි තොග සඟවා තැබීමෙන් ආනයනකරුවන් රුපියල් මිලියන 500 සිට රුපියල් මිලියන දහස දක්වා ලාභයක් ලබා ගන්නේ යැයිද එවැනි තත්වයන් වැළැක්වීමට පියවර ගන්නා බවද කතානායකවරයා ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn