රනිල් පක්ෂ සම්මේලනය මඟ හරී

රනිල් පක්ෂ සම්මේලනය මඟ හරී

එක්සත් ජාතික පක්ෂයේ 77 වෙනි සංවත්සරය පැවැත්වීමේ පූර්ව ප්‍රචාරක කටයුතු විශාල වශයෙන් සිදු කළද එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පැවැත්වූ එම උත්සවය මඟහැරයාම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමුවී තිබේ.

පසුගිය 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මුලු රටෙන්ම 2.15%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවී ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් පමණක් යාන්තමින් ලැබීම දක්වා දෂක තුනකට ආසන්න කාලයක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ අඛණ්ඩව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබේ. පක්ෂය නැවත ගොඩ ගන්නා බව වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, රුවමන් විජේවර්ධන අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක වැනි අය ප්‍රකාශ කළ දඔවුන්ට ශක්තියක් දෙමින් පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මෙම තීරණාත්මක සංවත්සරයට සහභාගී නොවීය.

දින නියමයක් නැතිව කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය ආරම්භයේදී තමන් ස්වාධීනව කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අතර ඔහු ජනාධිපති ධුරයට පොහොට්ටු පක්ෂයේ බහුතර මන්ත්‍රීන් විසින් තෝරා ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති ධුරයට පත් නොවූ බව තහවුරු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. පළාත් පාලන මැතිවරණයේදී ලැබීමට නියමිතව තිබූ ප්‍රතිඵලය ඔහුගේ ජනාධිපති ධුරයට අභියෝග කරන්නක් වන බැවින් කුමන්ත්‍රණකාරී ලෙස එම මැතිවරණය වැළැක්වීය.

ලබන වසරේ පැවැත්විය යුතු hospitalharrywilliams.org ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට දැන් සිට ම සූදානම් වන රනිල් වික්‍රමසිංහ තමන්ගේ පක්ෂයේ සංවත්සරය මඟහැරයාම දේශපාලන විචාරකයන්ගේ විශේෂ අවධානයට පාත්‍ර වී තිබේ.

Facebook
Twitter
LinkedIn