ඉදිරි ජනාධිපතිවරණයකදී තම සහයෝගය ලබා දෙන්නේ දැනට පවතින තත්වයෙන් රට ගොඩ ගත හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසිම් අනුව ක්‍රියාකරන අපේක්ෂකයෙකුට බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන විවෘතවම ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හෝමාගම ආසනයේ පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරිකයින් සහභාගී කර ගත් හමුවකදී ය. අද (04) නිකුත් කරන ලද දිනමිණ පුවත්පතේ එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ පහත දැක්වෙන අයුරිනි.
“දැනට පවතින ආර්ථික තත්වයෙන් රට ගොඩ ගත හැකි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසගෙන සිටින වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාකරන අපේක්ෂකයෙකුට මිස, කුමන වරදාන වරප්‍රසාදයකට හෝ වෙනත් කිසිවෙකුට තමාගේ සහාය හිමි නොවන බව“ ඔහු ප්‍රකාශ කර ඇති බව ය.
බන්දුල ගුණවර්ධන ටියුෂන් agoradesign.it මුදලාලි කෙනෙකු ලෙස සිටි 1990 මුලදී “ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව“ යනුවෙන් පොත් පිංචක් නිකුත් කරමින් එම සංවිධාන විසින් දුප්පත් රටවල් විනාශ කළ ආකාරය හෙළිකර තිබිණි. එවැනි පසුබිමක් තිබුණු බන්දුල ගුණවර්ධන මේ වනවිට අනුගමනය කරන දේශපාලන ක්‍රියාමාර්ග හමුවේ නිතර ප්‍රකාශ කරන්නේ “සෙක්කුව ලඟ සිට චොක්ලට් කෑව ද එය දකින අය පුන්නක්කු කෑ බව“ ප්‍රකාශ කරන බව ය.










