ඇමති ධුරයෙන් ඉවත් වූ පසු තමන් සෞඛ්‍ය ඇමති සමයේ ලබාගත් ඇමති නිල නිවාසයෙන් ඉවත් නොවී බලහත්කාරයෙන් රැඳී සිටි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන එම නිල නිවසෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් කේ.ඩී.එන් රංජිත් අසෝක අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.
විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබී ඇත.
Views: 0










