ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතු වුවද එය මේ වනවිට ස්වාධීන ආයතනයක් නොවන බව පැහැදිලිව ඔප්පු වී ඇතැයි වයඹ විශ්ව විද්‍යාලයේ කලමනාකරන පීඨයේ මහාචාර්ය ආමින්ද මෙත්සීල පෙන්වා දෙයි.
මහ බැංකුව ස්වාධීන නැති බව මෙයට දශක තුනකට පමණ පෙර සිට මත දැක්වීම් කර තිබිණි. විශේෂයෙන්ම ජේ ආර් ජයවර්ධන ලාගන සමය ආරම්භයේදී එහි අධිපති ලෙස පත් කළ ආචාර්ය නෙවිල් කරුණාතිලකගෙන් පසුව එය දැඩි ලෙස දේශපාලනීකරණය වූ බවට චෝදනා නැගී තිබිණි. ජේ ආර් ජයවර්ධන රජයේ දේශපාලන අවශ්‍යතා ඉටු කළ නොහැකි බැවින් මහ බැංකු අධිපති ධුරයෙන් ආචාර්ය නෙවිල් කරුණාතිලක ඉල්ලා අස්විය.
ඉන්පසු 2015දී අගමැති ධුරය දරමින් මහ බැංකුව ද ඒ යටතේ තබා ගත් රනිල් වික්‍රමසිංහ තම සමීපතම මිතුරෙකු වූ සිංගප්පූර් පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත් කර කුප්‍රකට බැඳුම්කර කොල්ලය සිදු කරනු ලැබීය. මහ බැංකුව මත දේශපාලන බලපෑම් එවැනි උච්ඡ තලයකට ගෙනත් තිබියදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා බව පවසමින් පනතක් ද පසුගියදා සම්මත කර ගනු ලැබීය.
ගෝඨාභය රාජපක්ෂ සමයේ රාජ්‍ය ඇමතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් එම අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී පැව 24ක් යාමටත් පෙර මහ බැංකු අධිපති ධුරයට පත් කරනු ලැබීය. මෙවැනි පත් කිරීම් සහ එහි පරිපාලනය ඍජු මැදිහත්වීම් යටතේ පවතින ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන ප්‍රමුඛතම ආයතනයක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට පත්ව ඇති බව පෙන්වාදී ඇති අතර ආමින්ද මෙත්සීල මහාචාර්යවරයාද දේශය පුවත්පතට ලබාදුන් ප්‍රකාශයකින් ද නැවත වරක් ඒ බව තහවුරු වී තිබේ.










