වී වගාව සඳහා අවශ්යම අවස්ථාවේදී ජලය ලබාදීමට නිසි කලමනාකාරීත්වයක් සිදු නොකළ ආණ්ඩුව මේ වනවිට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා ගන්නා පාරිභෝගික පවුල් ලක්ෂයකට අධික පිරිසක ජලය අහිමිවීමේ අනතුරකට ඇද දමා තිබේ.
එම අනතුරට හේතු වී තිබෙන්නේ පවතින වියලි කාලගුණ තත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරමින් උපරිම ලෙස ආරක්ෂා කර ගැනීමට ජාතික මට්ටමෙන් උපදෙස් නොදීමේ පසුබිම තුළ ය. මේ වනවිට ද ජල සම්පාදන මණ්ඩලය ජලය ලබා ගන්නා ප්රධාන මූලාශ්ර 42ක් දැඩි අවධානමකට මුහුණ දී ඇති බව එම මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යධිකාරි අනෝජා කළුආරච්චි හෙළි කර ඇත. මේ නිසා ජල පාරිභෝගික පවුල් 54,580ක් දැනටමත් විශාල අවදානමකට ලක් වී ඇත.
ඊට අමතරව තවත් ජල පාරිභෝගික පවුල් 58,866ක් අවදානම් තත්වයට වේගයෙන් ඇදී යමින් සිටින බව ද නියෝජ්ය සාමාන්යාධිකාරිවරිය හෙළිකර ඇත.
Views: 0










