දිනේෂ් වෛරයේ ගිනි දැල් පිට කරයි

දිනේෂ් වෛරයේ ගිනි දැල් පිට කරයි

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ විශ්‍රාම වැටුප් අරමුදල්වලින් ලබා ගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථාදායකයට බලපෑම් කරන්නක් බව අර්ථකථනය කිරීමට ජනාධිපති, කතානායක සහ ආණ්ඩුවේ ප්‍රධානීන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමත් සමඟ අගමැති දිනේෂ් ගුණවර්ධන ගින්දර දෙන්නේ යන්නෙන් ප්‍රකාශ කර ඔහුගේ වෛරී දේශපාලනය ප්‍රදර්ශනය කරනු ලැබීය.

පසුගිය 11 වෙනිදා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් කරුණු උපුටා දක්වමින් අදහස් පළ කළ අතර එහිදී අනුර දිසානායක සහ එම ඇමතිවරයා අතර සුහදශීලී ප්‍රතිවිරෝධයක් ගොඩ නැගෙමින් තිබිණි.

සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයාගේ දකුණු පසින් අසුන් ගෙන සිටි දිනේෂ් ගුණවර්ධන එම සුහදශීලි ප්‍රතිවිරෝධී සංවාදය නොඉවසමින් “ගින්දර, ගින්දර දෙන්නේ.“ යනුවෙන් ප්‍රකාශ කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn