ගම්මුන් අල්ලා දුන් අයිස් පොලිසියේදී ගංජා වෙයි

ගම්මුන් අල්ලා දුන් අයිස් පොලිසියේදී ගංජා වෙයි

හිඟුරක්ගොඩ කිරිමැටිය ගම්මානයට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි බව කියන තරුණයන් සිව් දෙනකු, අයිස්, ගංජා, හෙරෝයින් ආදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගම්වාසීන් විසින් ඊයේ (09) අල්ලා හිඟුරක්ගොඩ පොලීසියට බාරදුන්නද පොලිසියේදි එම මත්ද්‍රව්‍ය ගංජා පමණක් බවට පත්ව ඇති බව ගම්වාසී ජනතාව චෝදනා කරයි.

නාඳුනන පිරිසක් දින ගණනක සිට මත්ද්‍රව්‍ය ලබාගැනීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ගමට පැමිණෙන බැවින් මේ පිළිබඳ තමන් දිගින් දිගටම හිඟුරක්ගොඩ පොලීසියට, සුරාබදු දෙපාර්තමේන්තුවට සහ ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දැනුම් දුන්නද ඔවුන් අත්අඩංගුවට ගැනීමට එම ආයතන අපොහොසත් වු බව ගැමියෝ චෝදනා කරති.

පොලිසියට අල්ලා දුන් තරුණයක් අවුරුදු 24, 25, 26 වයසේ පසුවන කිරිමැටිය සහ දියසෙන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද ගම්වාසීහු පවසති.

දින ගණනාවක් සිට රැක සිට ගම්මානයෙ තරුණයන් මෙන්ම වැඩිහිටියන් 200 ආසන්න පිරිසක් එකතු වී මඟ රැකවලා මෙම සිවුදෙනා අල්ලා පොලිසිය බාරදි ඇත.

ගැමියන්ගේ බාරයට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මාධ්‍යවේදීන් එනතුරු පොලීසියට බාරදීමට කටයුතු නොකළ අතර මාධ්‍යවේදීන් පැමිණි අදාළ වීඩියෝගත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඉදිරියේ සැකකරුවන් හා ඔවුන් ළඟ තිබී සොයාගත් අයිස්, ගංජා, හෙරෝයින් ආදිය හිඟුරක්ගොඩ පොලීසියට බාරදීමට කටයුතු කර තිබේ.

මාධ්‍යවේදීන් මේ පිළිබඳව හිඟුරක්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ටි.එන්.ජී විමලදාසගෙ දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, “ගැමියන් අල්ලාගත් සිවු දෙනකු පොලිසියට බාරදී තිබෙනවා. ඔවුන් සතුව තිබුණේ ගංජා පමණයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ සිව්දෙනා අද (10) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn