ගුවන් අනතුරකින් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක අද (07) පෙරවරු 11:27ට පමණ සිදු වූ අනතුරකින් ගුවන් යානයේ ගමන් ගත් නිලධාරින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ චීන වරාය කඳවුරු ප්‍රදේශයේදීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT-6 වර්ගයේ ගුවන් යානයකි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබ ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn