ශ්‍රීලංකන් සහ ලංවිම පොල්ලෙන් ඛනිජ තෙල් කොටඋඩ

ශ්‍රීලංකන් සහ ලංවිම පොල්ලෙන් ඛනිජ තෙල් කොටඋඩ

ලබාගත් ඉන්ධන වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි විසි තුන් දහස් අට සියයක් (රු. කෝටි 23,800) ගෙවීම පැහැර හැර තිබීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ව පිළිබඳ වාර්තාවේ (2023) සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්වය දුර්වලවී ඇති හෙයින් මෙම ගැටලුව මතුව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් මාසය වනවිට ඉන්දීය ණය පහසුකම වෙනුවෙන් රජයට ඇමරිකානු ඩොලර් කෝටි හැට නවයක්ද ජාතික ඉරාන තෙල් සමාගමට ඇමරිකානු ඩොලර් කෝටි 25ක්ද ලංකා බැංකුවට රුපියල් කෝටි දෙදහස් හයසියයක්ද (රු. කෝටි 2,600) ගෙවීමට තිබූ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

ඉන්ධන ආනයනය පහසු කිරීම සඳහා භාවිතා කළ ඇමරිකානු ඩොලර් කෝටි 69ක ඉන්දීය ණය පහසුකම පියවීමේ අර්බුදයකට ඛනිජ තෙල් සංස්ථාව පත්ව සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn