ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

මෙම මිල වැඩි කිරීම් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද සුපර් ඩීසල් රුපියල් 12කින්ද ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 348ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 375ක්ද සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358ක්ද ලෙස සටහන් වේ.

මේ අතර අමතරව ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 02කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අඩුකර ඇත.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 306ක් ලෙසද භූමිතෙල් ලීටරයක් රුපියල් 226ක් ලෙසද නව මිල සටහන් වේ.

Facebook
Twitter
LinkedIn