මහාපරිමාණ ව්‍යාපෘතිවලින් 75%ක් පමණ කොල්ල කා තිබෙන ධනයත් රජයට ලැබිය යුතු ආදායම් ගජමිතුරන්ට කොල්ලකෑම සඳහා ඉඩ ලබා දීමත් රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් මෙන්න රාජපක්ෂ පවුල විසින් සිදු කර ඇති බව අවසාන වශයෙන් ජනතාවගේ විශ්‍රාම අරමුදල් කොල්ල කෑම සඳහා හොරා ගෙට පැන ඇති අතත්වයක් තුළ තව දුරටත් ඉවසියයුතු නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරනු ලැබීය.
ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ “EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නතර කරනු!” යන උද්ඝෝෂණ රැලිය අමතමිණි.
භාණ්ඩාගාරයේ තිබෙන ධනය පමණක් නොව භාණ්ඩාගාරයට ලැබියයුතු ධනයද කොල්ලකෑම බැඳුම්කර වංචාවෙන් රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක සහ අර්ජුන් මහේන්ද්‍රන් මැදිහත් වී ආරම්භ කළ අතර රුපියල් කෝටි 1,100ක කොල්ලයක් බැඳුම්කර හරහා සිදු කර ඇති බවත් ඔහු හෙළි කරනු ලැබීය. විල්මා සමාගමට සීනු බඳු වංචා කිරීමට ඉඩ දීමෙන් රුපියල් කෝටි 1,500ක් ඔවුන්ගේ සමාගමට හරවා යැවූ බවත් හෙජින් ගිවිසුම අත්සන් කිරීමෙන් රුපියල් කෝටි 8000කට කිට්ටු අලාභයක් සිදු කර ඇති බවත් මෙම උද්ඝෝෂණ රැලියේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හෙළි කරණු ලැබීය.
මෑතකදී හෙළි වී තිබෙන්නේ මෙරටට පිටි ආනයනය කිරීමේදෙී රජයේ බදු මුදල් රක්ෂණ ගාස්තු, ගුදම් ගාස්තු ඇතුළු සියලු ගාස්තු හා බදු ගෙවීමෙන් පසුව පිටි කිලෝ එක රුපියල් 165කට ලබාදීය හැකිව තිබියදී සමාගම් දෙකක් විසින් පිටි කිලෝව 210කට විකුණා මාසයකට රුපියල් කෝටි 270ක පමණ අයුතු ලාභයක් කොල්ලකාගන්නා බවයි. ජනවාරි මාසයේ සිට මේ දක්වා විශාල ධනස්කන්දයක් මෙලෙස රැස්කරගෙන ඇති අතර මුලින්ම මහ බැංකුවට පැන පසුව රේගුවද ඉන්පසුවද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටද පැන්න හොරා මේ වනවිට ගෙට පැව ඇති බවත් මෙය කිසිසේත් ඉවසිය යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.
තමන්ගේ විශ්‍රාමවැටුප් අරමුදල්වල ආරක්ෂාව වෙනුවෙන් වැඩකරන ජනතාව පෙරට පැමිණිය යුතු බව ඔහු අවධාරණය කළ අතර ජාතික ජන බලවේගය එම ජනතාව සමග අඛණ්ඩ අරගලයක සිටින බවත් වැඩකරණ ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල් ආරක්ෂා කර ගැනීමට පෙරට එන ජනතාව මර්ධනයෙන් සහ වාරණයෙන් රනිල් වික්‍රමසිංහට නතර කළ නොහැකි බවත් කරුණා කර සින්හාසනවලින් බැස යන ලෙසත් ජාතික ජන බලවේගය රට බාරගෙන ගොඩනැගීමට සූදානම් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.










