ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ හා සාමකාමී විරෝධය දැක්වීමේ අයිතිය වාරණය නියෝග මගින් පැහැරගැනීමට මේ අකාරයෙන්ම ගෝටාබය රාජපක්ෂද උත්සාහ දැරූවත් අවසානයේ කකුල් දෙකකට වඳිමින් දිවයාමට සිදු වූ බවත් තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීම මිස ඇඳන් යට සැඟවී සිටීමට සූදානම් නැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ “EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නතර කරනු!” යන උද්ඝෝෂණ රැලිය අමතමිණි.
රනිල් වික්‍රමසිංහ නැමති කොට්ටෝරුවා වැඩකරන ජනතාවට අයිති EPF/ETF අරමුදල්වලට කොටන්න සූදානම් වන බවත් ඊට විරුද්ධව හඬ නගන ජනතාවට එරෙහිව පොලීසිය ඉල්ලන පමාවෙන් අධිකරන නියෝග ලබාගෙන මහේස්ත්‍රාත්වරු තිදෙනෙකු පමණ සිටිනා බවත් ඔවුන් දෙන නියෝග පිළිබඳව තම කණ්ඩායමක් ගැඹුරින් අධ්‍යන කරන බවත් නීතීඥ හර්ෂණ නානායක්කාර මෙහදී පැවසීය.
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව තුළත්, අධිකරණය තුළත්, මහ පාරෙත් ඕනෑම තැනක සාධාරණ යුක්ති සහගත ඉල්ලීම් වෙනුවේන අරගල කිරීමට පෙරට එනවා මිස ආපසු හැරවිය නොහැකි බවත් ප්‍රති ත්‍රස්ත පනත සහ මාධ්‍ය විකාශණ අධිකාරී පනත වැනි මර්දන පනත් ගෙන ඒමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ඉඩ හැර “මේ පිනා අපට කියන විදිහට ඇඳ යට හැංගිලා ඉන්න සූදානම් නැහැ.” යුනුවෙන් අවාධාරණය කරනු ලැබීය.










