මූල්‍ය වංචා චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (23) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රාඩා ආයතනයේ මූල්‍ය පරිපාලන අධ්යක්ෂ ජයන්ත සමරසිංහ ලබන ජූලි 8 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.
මීට පෙර රාඩා ආයතනයේ සිදු කළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර ඔහුට අද රුපියල් 50,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සුනාමි ව්‍යවසනයෙන් පසු නිවාස ඉදිකිරීම සඳහා රජයයෙන් ලබා දුන් විශාල මුදලක් කිසිදු නිවාසයක් ඉදි නොකොට වංචා කිරීම සම්බන්ධයෙන් රාඩා ආයතනයට බරපතල මුල්‍ය චෝදනා එල්ල වී තිබෙන අතර එම මුදල් රාජපක්ෂ පාලනය හරහා LTTE සංවිධානයට ලබා දුන් බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි.









