Video: පුරවැසි බලයත් පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ඉල්ලයි

20 වන සංශෝධනය හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායකවරයාට අවශ්‍ය වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට තවදුරටත් පවත්වා ගෙන යෑමේ උත්සාහයක් පවතින් බවත් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණය කැඳවන ලෙසත් පුරවැසි බලය සංවිධානය ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එම සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා අදහස් දක්වමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ නිමල් සිරිපාලද සිල්වා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ අපේක්ෂාව වී තිබෙන්නේ 20 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තුව තව දුරටත් පවත්වාගෙන යමින් එම කාලය තුළ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ උත්සාහයක් බවය. එසේම වත්මන් පාර්ලිමේන්තුව ජනවරමට පටහැනි අවලංගු පාර්ලිමේන්තුවක් බැවින් තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් වහාම පාරිලිමේන්තුව විසිරුවා හරින ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

Facebook
Twitter
LinkedIn