20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කල් තැබීමේ විවාදය අවසන් වීමත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් වීමට පෙර ජනාතාව ඉදිරියේ පොරොන්දු වූයේ දින 100කින් පාර්ලිමේන්තුව විසිරුවා හරින බවය. එහෙත් එම පොරොන්දුව කඩ කරමින් මේ වනවිට දින 150 සීමාවද ඉක්මවා ගොස් ඇති අතර පසුගිය 18 වැනි දින ජනතා විමුක්ති පෙරමුණද දැවැන්ත විරෝධතා පා ගමනක් පවත්වමින් ඉල්ලා සිටියේ නීති විරෝධී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසය. ජවිපෙට අමතරව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කරනු ලැබූ සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙන්ම ශ්‍රීලනිපයේ රාජපක්ෂ කණ්ඩායමක්ද ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණය කැඳවන ලෙසය.
මේ වනවිට ශ්‍රීලනිපයේ බරපතල දේශපාලන බෙදීමක් ගොඩනැගී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම නොවැලැක්විය හැකි තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් බහුතරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ඒකරාශී වී සිටින අතර ප්‍රසිද්ධියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.









