ගෝඨාගේ රක්නා ලංකා සල්ලි හොයන්න අධිකරණයෙන් අවසර

රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බැංකු ගිණුම් තුනක් පරීක්ෂා කිරීම සඳහා අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර ලබා දී ඇත.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ නීති විරෝධී ආකාරයෙන් අවි ගබඩාවක් පවත්වාගෙන යෑම, නීති විරෝධීව අවි ආයුද රැස් කිරීම ඇතුළු චෝදන රක්නා ලංකා ආරක්ෂක සමාගමට එරෙහිව එල්ල වී තිබේ. මෙම ආරක්ෂක සේවය පවත්වාගෙන යෑම පිටුපස පසුගිය රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගොඨාභය රාජපක්ෂ සිටින බවට චෝදනා එල්ල වී තිබේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය අවි ගබඩාව තුළ තිබූ ටී -56 ගිණිඅවි ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn