රාජපක්ෂ පාලන සමයේ අර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා හා වත්මන් හවුල් ආණ්ඩුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර පසුගිය 20 වනදා සවස රහසිගත හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොල්ලුපිටියේ පිහිටි ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ 08 වැනි තට්ටුවේ ඇති 807 කාමරය තුළදී මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා තිබේ. එම සකච්ඡාවට ග්‍රාමිය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද සහභාගී වී ඇතැයිද වාර්තා වේ.
ශ්රීලනිපය තුළ මේ වනවිට ප්‍රබල ලෙස මතුවී තිබෙන රාජපක්ෂ පිල දුර්වල කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා මෛත්‍රී පිල වෙත එක් කර ගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැති වෙන්නට ඇති බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම සකච්ඡාවේදී ඇති වූ එකඟතාවයන් ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග අනුව පැහැදිලි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.









