(දෙවන සංස්කරණය) ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට පකිස්තානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.
තරගයේ පලමු දින එකහමාරක කාලය වාර්ෂාව නිසා සේදී ගියද ශී‍්‍ර ලංකා පලමු ඉනිම ලකුණු 300 කට සීමා කල පකිස්තානුවෝ තම පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 417 ක් රැස් කලහ.
ශී‍්‍ර ලංකා පිලේ දෙවන ඉනිමේදී තරග මනාව පාලනය කල පකිස්තානු කණ්ඩායම ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 206 කට සීමා කිරීමට සමත් වුහ. ජයග්‍රහණය සඳහා ලකුණු 90ක් ලබා ගැනීමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායම කිසිවෙකුත් නොදැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට සමත් විය.
Views: 0









