තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (16) පැවති මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සමත්වී තිබේ.
රන් පදක්කම දිනාගත් තරුෂි කරුණාරත්න තරගය 2:00.66 කින් නිමා කරමින් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාද පිහිටුවා ඇත.
මේ අතර එම තරග ඉසව්වේම ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනාගෙන ඇති අතර ඇය තරගය නිම කිරීම සඳහා 2:03.25 කාලයක් වාර්තා කර තිබේ.
14









