ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ කට බඳී!

මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට විවිධ ස්ථානවල මාධ්‍ය හමු පැවැත්වීමෙන් වලකින ලෙසට අද (17) එම පක්ෂයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කර සිටී.

මධ්‍ය හමු පැවැත්වීමට අවශ්‍ය අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පැමිණ මාධ්‍ය හමු පවත්වන ලෙසත් පැවසූ මහ ලේකම්වරයා තමන් නායකයා කියන දේවල්වලට අනුව කටයුතු කරන බවත් අනෙක් අයට අවශ්‍ය ලෙස කටයුතු නොකරන බවත් ප්‍රකාශ කර තිබේ.

බරපතල දේශපාලන බෙදීමකට ලක්වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට එක් එක් අයට අවශ්‍ය ලෙස තැන් තැන්වල මාධ්‍ය හමු පවත්වමින් අර්බුදය උත්සන්න කරමින් සිටී. ඒ පිටුපස හිටපු ජනාධිපතිවරයා සිටිමින් ඔවුන් මෙහෙයවන බවට ශ්‍රීලනිපයේ බහුතරයකගේ මතය වී තිබේ.

Facebook
Twitter
LinkedIn