ජුනි මස 01 දින සිට ජුනි 12 දින දක්වා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 106 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ජීවිතක්ෂයට පත්වුවන් අතරින් බහුතරයක් යතුරුපැදි කරුවන් බව පැවසේ. ප්රමාණය ඉක්මවා පිරිස රැගෙන යෑම, බීමතින් රිය පැදවීම, අපරික්ෂාකාරීව වංගුවලදී ඉස්සර කිරීම, මුහුණු ආවරණ නිවැරදිව නොපැළදීම හේතුවෙන් මෙම අනතුරුවලින් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීමට හේතු වී තිබේ.
මේ වනවිට රටපුරා රිය අනතුරු සිදුවීමේ සීඝ්ර වර්ධනයක් පෙන්වන අතර බොහෝ අනතුරුවලට හේතු වී ඇත්තේ යතුරුපැදි හා ත්රීරෝද රථවේ. මාර්ග පද්ධතිය නිසියාකාරව ඉදි නොවීමත්, ප්රමාණය ඉක්මවා මාර්ගවල රථවාහන ධාවනය වීමත් අනතුරු සඳහා බලපායි. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්රකාශ කරන්නේ මේ වනවිට රටතුළ යතුරුපැදි පමණක් ලක්ෂ 43ක් ඉක්මවා ලියාපදිංචි කර ඇති බවයි. එය රටේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන සීමාවක් බව පැවසේ.
රථවාහන පොලිසිය නීති රීති කෙතරම් දැඩි කළත් අනතුරු සිදු වීම සිඝ්රයෙන් ඉහළ යමින් තිබෙන අතර ඉතා ඉක්මනින් මෙම තත්වය පාලනය කිරීම සඳහා ක්රියාමාර්ග ගත යුතු බවට මෙම අනතුරුවලින් කියා සිටී.









