රනිල්ගේ ගොසිප් ලීක්වෙයි

රනිල්ගේ ගොසිප් ලීක්වෙයි

ජනාධිපතිගේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මාධ්‍ය ඒකකයෙන් සකස් කරන ඇතැම් ගොසිප් වාර්තා මාධ්‍ය ආයතනවලට යාමටත් පෙර පිටස්තර කවවලට යන අතර එසේ යවන ගොසිප් වාර්තා බොහෝ සතිඅන්ත පුවත්පත් විසින් බැහැර කරන තත්වයක්ද පවතී.

ගෙවුණු සතිය වෙනුවෙන් එසේ සකස් කළ පිටස්තර කවවලට ලැබුණු ගොසිප් වාර්තාවක් උපාටුගෙන පහත පල කෙරේ.

(“පොලිස්පති පත්කරන එකත් ඇමතිල පත්කරන එක වගේ බාලගිරි වෙලා” මාධ්‍ය ප්‍රශ්න කළේය.

“පොලිස්පති නෑ කියල මොකද්ද තියෙන ප්‍රශ්නය. දින 52ක් ආණ්ඩුවකුත් මේ රටට කිබුණෙත් නෑනේ” ජනපති කීවේය.

“ඒත් රටපුරා DIG ල එයායට ඕන ඕන හැටියට තීන්දු ගන්න ගියොත් වැඩේ දෙල් වෙනා. ඒ ගැන අවදියෙන් ඉන්න” මාධ්‍යකරුවෙකු කපටි නරියාට උපදෙසක් දුන්නේය.

“අරය පත් කරන්න මෙයා පත් කරන්න කියල ආපු ලියුම් ෆයිල් එකක් තියෙනවා. ඒඒ අය පත් කරන්න එපා කියල ආපු ෆයිල් දෙකක් තියෙනවා” ජනපති ලේකම් සමන් කීවේ සිනාමැදය.

“දේශපාලන බලපෑම් නිසා පොලිස්පති පත්කරන්න බැරි වුණොත් හරි ඉන්න කෙනාටම දිගුවක් දෙන්නත් බැරි වුණොත් සිවිල් සේවකයෙක් ඒ තනතුරට දාන්නත් පුළුවන්නේ. 56 ආදර්ශයකුත් තියෙනවනේ” එහිදී කියවින. එය ඉබ්බා දියේ දමන කතාවක් දැයි දන්නේ රනිල්ම පමණි. ඔහු නෝන්ඩි හිනාවක් දැම්මේ ඒ නිසාදැයි පැහැදිලි නැත.)

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්