ජාතික ජන බලවේගය තවත් අධිකරණ සටනක

ජාතික ජන බලවේගය තවත් අධිකරණ සටනක

මෙම මස 23 වන දින ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන මැතිවරණ සිතියම් හැකිලීමේ කූඨ උපායක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ සැලසුම් සකස් කරමින් සිටී.

මෙම ගැසට් නිවේදනය අනුව පළාත් පාලන ඇමතිට ඡන්ද කල් දැමීමේ හෝ පැවති පළාත් පාලන ආයතනයක් විසුරුවා හැරීමෙන් පසුව වුවද නැවත එහි බලය පිහිටුවීමට මින් යෝජනා කර තිබේ.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට පසුබිම සකස් කර ගැනීමේ හැකියාව ලැබෙන පරිදි මෙය ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි.

එහි යෝජනා කර ඇත්තේ “(ඇ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී, රටේ ඇතිවී ඇති යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 5(2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධුර කාලය දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12 ක් ඉක්ම වී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු සභාව නැවත කැඳවීමට හැකි විය යුත්තේය.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn