රනිල් කොටස් වෙළෙඳපොලත් වහයි

රනිල් කොටස් වෙළෙඳපොලත් වහයි

ලබන 30 වෙනි සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොල වසා දමන බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

එම නිල නිවේදනය ලැබීමටත් පෙර සමස්ත බැංකු පද්ධතියටම දින 05ක නිවාඩු ලබාදීම නිසා කොටස් වෙළඳපොලද අනිවාර්යයයෙන් වසා දැමීමට සිදුවන බව ව්‍යාපාරික ක්ෂේත්‍රය දැනුවත් වී සිටියේය.

මෙම මස 30 වැනිදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කරමින් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා කාලය ලබාගෙන ඇති අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සඳහා පහසුවීමට කොටස් වෙළෙඳපොළ ගණුදෙනු වැලැක්වීම බැංකු සහ කොටස් වෙළඳපොල වසාදැමීමේ ප්‍රධාන අරමුණ වී ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්