නුවරඑලියේ තුරඟ තරඟ පිටියේ අක්කර 32ක් විකිණීමේ කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන බව අනාවරණය කරමින් සුගතදාස ක්‍රීඩා සංකීර්ණ සේවක සංගමය ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් එන්.ජී කරුණාතිලකගේ ත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
“නුවරඑලියේ තුරඟ තරඟ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් අක්කර 32 ක භුමි ප්රමාණයකි. මෙය නඩත්තු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්ගේ අත්සනින් 2011-09-07 වන දින ඔහුගේ අංක MS/1/1310/12 දරණ ලිපි ගොනු අංකය යටතේ ලේඛනයක් මගින් 1997 අංක 17 දරණ පනත මගින් ස්ථාපිත කර ඇති සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට දෙවන පාර්ශවය ලෙස 2012 අගෝස්තු 15 වන දින අවබෝධතා ගිවිසුමක් මගින් තුරඟ තරඟ පිටියේ නඩත්තු කටයුතු ලෙස භාර දී ඇත. ඒ සඳහා අධිකාරිය විසින් ස්ථානභාර නිලධාරියෙකු සහ තවත් සේවකන් 11 දෙනෙකු පමණ පිරිසක් සුගතදාස අධිකාරියෙන් යොදවා නඩත්තු සිදු කරමින් එහි පැවැත්වෙන අශ්ව ගාල් සැනකෙලි ආදිය සිදු කරමින් වාර්ෂිකව අධිකාරියට ආදායම් උපයාගෙන ඇත. එයට අමතරව තුරඟ තරඟ සමාජයට ක්‍රීඩා කටයුතු සඳහා වසර 02 ක කාලයකට වලංගුව 2015 වසරේ මාසයකට ලක්ෂ 02 බැගින් ගිවිසුමක් මගින් තරඟ පරිහරණය කිරීමට ලබා දී ඇත.
තුරඟ තරඟ සමාජයේ ඉතිරි කිරීමේ ගාස්තුවක් ලෙසද අධිකාරියේ ලක්ෂ 20 ක තැන්පතුවක් ද තබා ඇත. එම වසර 02 ගෙවීමට නියමිත මුදල ගෙවා ඇත්තේ 2017 වසරේ ගෙවිය යුතු මුදල නොගෙවා තැන්පත් කර ඇති ලක්ෂ 20 මුදලින් අඩු කර ගැනීමට සලස්වා 2018 වසරේ සිට තුරඟ තරඟ සමාජයට කාලය ප්‍රමානවත් නොවන බව පවසා වසර 10 ක කාලයක් ඉල්ලා ඇත. එයට අධිකාරිය අකමැති හෙයින් කැබිනට අනුමැතියකින් වසර 05 ක කාලයකට දීර්ඝ කරගෙන ඇතත් 2018 වසරේ සිට 2023 වරස දක්වා කිසිදු ගෙවීමකින් තොරව ඔහු පරිහරණය කර ඇත. එම මුදල් සුගතදාස අදිකාරියට අය කර ගැනීමට එවකට සිටි පාලකයින් කටයුතු කර නොමිති බැවින් දැවැන්ත පාඩුවක් අධිකාරියට සිදු කර ඇත.
එසේ තිබිය දී 2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් සුගතදාස අධිකාරියට නඩත්තු කළ නොහැකි බව පවසා නුවර එලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන ඉහත සඳහන් කර ඇති අධිකාරියට ණය ගැති වී සිටින තුරඟ තරඟ සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවට පොදු සේවක සංගමයට තොරතුරු ලැබී ඇත. එම නිසා අප රටේම ඉඩ කඩම් හා සම්පත් පෞද්ගලිකව විකිණීමට හා ක්‍රීඩාව ගිල දැමීමට උත්සහ දරන පාලකයන් හට විරෝධය පල කරන අතර මේ සම්බන්ධව ඉදිරියේදී අප විසින් විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට ඇත.
මෙම තත්වය සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔබ මාධ්‍ය ආයතනයෙන් අප සංගමයක් ලෙස ඉල්ලා සිටිමු.” යනුවෙනි.










