හික්කඩුව, සීනිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්තීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කරන්නේ හිටපු මන්තීවරයා සිය කැබ් රථය අද (17) දහවල් සීනිගම නගර මධ්‍යයේ නතර කර තබාගෙන සිටි අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩ් තබා පලා ගොස් ඇති බවය.
වෙඩි වැදුණු හිටපු මන්තීවරයා සිය මෝටර් රථයෙන්ම හික්කඩුව පොලීසියට ගොස් ඇති අතර එහි සිට 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන පොලිසියේද මැහැදහත්වී ඇතුව කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Views: 0










