ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්තවෙයි

ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (15) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.

1936 වසරේ අප්‍රේල් මස 10වන දින උපත ලැබූ ඔහු මියයන විට 87වන වියේ පසුවුණි.

ක්‍රිස්ටෝපර් පෝල් 60, 70 දශකවල ජනප්‍රියම ගීත තරුව ලෙස හැඳින්විණ.

මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් කුඩා කළ සිටම සංගීතයටත්, ගායනයටත් දස්කම් දැක්වූ අතර 1956 වසරේදී සුනිල් ශාන්ත ශූරීන් යටතේ සංගීතය හදාරමින් සිය ගායන කුසලතාවන් තව තවත් ඔප්නංවා ගනු ලැබීය.

1958 වසරේදී ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වූ ඔහු ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස විශිෂ්ඨ ලෙස සමත් විය.

ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ පළමු ගීතය වූයේ සරත් විමලවීරයන් රචනා කළ, ලයනල් පෙරේරා විසින් සංගීතවත් කළ “පේනා විල මැද ඕලු මලේ” ගීතයයි.

හින්දි අනුකාරක ගී නිර්මාණවලට අනුගතව පැවති ලාංකීය ගීත ක්ෂේත්‍රයට බටහිර සංගීත ආභාෂය ලත් ගීත නිර්මාණ රසිකයින් වෙත දායාද කිරීම සඳහා ක්‍රිස්ටෝපර් පෝල් ප්‍රමුඛ වූ ගායන ශිල්පියෙකු ලෙස සැළකේ.

“පෙම් ලෝකෙ පුරා” “රෝස මලක් දුටුවාම” “මල් පිපෙන්නේ” “ඇළ දොළ ගංගා යාවි ගලා” “රුවන් තොරණ් තනා” “වතුර නාලා” “ඇළ දොළ ගහ” “කටුරොද ගම්මානෙ” “මැණිකා මැණිකා” “මුතු බෙල්ලො” ආදී ජනාදරයට පත් වූ ගීත රැසක් ඔහු විසින් ගායනා කෙරිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්