මුදල් ලබා දී තිබියදීත් තමන්ට හිමිවිය යුතු යතුරුපැදිය මේ දවක්වා ලබා දී නැතැයි පවසමින් ගම්පහ දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 4ක සේවිකාවන් අද (26) ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි සංගම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධා ව්‍යාපාරයක නිරත විය.
රුපියල් හතලිස් පන්දහසක (රු. 4,5000) මුදලක් මාස 6කට පෙර ඔවුන් ගෙවා ඇති අතර මේ වනවිට ඒ සඳහා සේවක වැටුපෙන් මාසිකව වාරිකද අය කරමින් සිටී.
එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසන්නේ මුදල් ලබා දුන් රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි ලබාදෙනවා වෙනුවට පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් නොමිලේ එම යතුරුපැදි ලබා දෙමින් සිටින බවයි.
පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළාත් පාලන මන්ත්‍රී වරුන් 2,332කට යතුරුපැදි නොමිලේ ලබා දුන් බවත් වත්මන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවද විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට එම යතුරුපැදි නොමිලේ ලබා දුන් බවත් ඔවුන් අවධාරණය කරයි.
අද පැවති විරෝධතාවය සඳහා දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරිනියන් එක් වූ බව සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පැවසීය.









