විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ද රාජ්‍ය කර්මාන්ත අලුතින් ආරම්භ කිරීම සහ අපනයනය වර්ධනය කිරීම පිළිබඳව1980 දශකය ආරම්භයේදී ජේආර් ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ක්‍රියා කළ ආකාරය අනාවරණය වේ.
එම ආණ්ඩුව විසින් ප්‍රීමා පිටි කර්මාන්ත සංකීර්ණය ඇරඹීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවවට අනුබන්ධව යූරියා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම 1980දී සිදුකර ඇති බව එම වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වේ.
මහ බැංකු වාර්තාව ඒ සම්බන්ධයෙන් තබා ඇති සටහන උපුටා ගෙන පහත දැක්වේ.
“රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව මගින් පාලනය කරනු ලබන සපුගස්කන්දේ පිහිටි යූරියා පොහොර කම්හලෙහි පොහොර නිෂ්පාදනය 1981දී මෙට්‍රික් ටොන් 217,000ක් ද, 1982 සිට ඉදිරියට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 310,000ක් ද වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම පොහොර කම්හලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපුහස්කන්දේ පිහිටි සිය පිරිපහදුව මගින් කණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සපයනු ඇත. දේශීය අවශ්‍යතාව සපුරාලීමෙන් පසු අතිරික්ත යූරි්යා නිෂ්පාදනයන් අපනයනය කිරීමට බලාපොරොත්තු වේ.”
එහෙත් 1985දී මෙම කම්හල ඈවර කර සොච්චම් මුදලකට විදේශීය රටකට විකුණා දමනු ලැබීය.

රනිල් වික්‍රමසිංහලා විසින් විකුණා දැමූ රජයේ පොහොර නිපදවීමේ සංස්ථාවේ යන්ත්‍රාගාර ක්‍රියාකාරවුම් ශිල්පී ගාමිණි ලියනගේ විසින් රචිත දිවයින පුවත්පතේ පළවූ “පුදුම රටක් පිස්සු හැදෙන කතාවක් – දිනකට ටොන් 940 ක් නිපදවා රටට අහිමි වූ බියගම යූරියා කම්හල” ලිපියට මෙතනින් පිවිසෙන්න.










