ඇමෙරිකානු ඩොලර් කෝටි 5ක් (රුපියල් කෝටි 667ක්) ඉක්මවන මුදලක් ස්විස්ටර්ලන්තයේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නාම ලේඛනයක් අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී කණ්ඩායමක් හෙළි කරගෙන තිබේ. ඔවුන් හෙළිකර ගෙන ඇති තොරතුරු ප්‍රංශයේ ලෙමොන්දේ පුවත්පතේද පළවී ඇති බව සඳහන් වේ.
එච්.එස්.බී.සී බැංකුව හා ස්වීස් බැංකුවේ මෙලෙස මුදල් තැන්පත් කර ඇති ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකුගේ තොරතුරු ඔවුන් හෙළිකර ඇති අතර එකම පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ නම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් එම බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර තවත් පිරිසක් ඔවුන්ගේ ගිණුම් වසා දැමීමට කටයුතු කර තිබේ.
ස්වීස් බැංකුවල මුදල් තැන්පත් කර ඇති කිසිදු පුද්ගලයකු ඒ පිළිබඳ මෙරට මහබැංකුව දැනුවත් කර නොමැති අතර ශ්‍රී ලංකාවේ මුදල් නීති රෙගුලාසි අනුව මහ බැංකුවේ පූර්ණ අවසරයකින් තොරව විදෙස් බැංකුවක ගිණුමක් විවෘත කිරීම කළ නොහැකි වේ.









