ෆුල් ෆේස් තහනමට එරෙහිව තාරුණ්‍යයේ හඬින් පෙත්සමක්!

ෆුල් ෆේස් හෙල්මන්ට් භාවිතය තහනම් කිරීමට ගෙන ඇති තීරණයට හකුළා ගැනීමට බලකරමින් ”බොරු එපා – ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත්කර ගනු!”  යන තේමාව යටතේ තාරුණ්‍යයේ හඬ සංවිධානය අද (18) සවස 3.30 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා බැනරයකට අත්සන් එක් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව එම සංවිධානයේ සම කැඳවුම්කරු ගයාන් ජානක මහතා පවසයි.

රට තුළ අපරාධ වැඩි වීමට ෆුල් ෆේස් හෙල්මට් භාවිතය බලපා ඇති බවට පවසමින් අවස්ථා ගණනාවකදී ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට උත්සාහ කළත් ඊට එරෙහිව මතු වූ දැවැන්ත විරෝධතා හමුවේ හකුළා ගැනීමට සිදු විය. මේ වනවිටත් අධිකරණය විසින් ආණ්ඩුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වාරණයට ලක් කර තිබේ. ඊයේ (17) දිනයේදී ගාලු නගරයේදීද ෆුල් ෆේස් හෙල්මට් යතුරුපැදිකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් පැවැත්විය.

Facebook
Twitter
LinkedIn