සරසවි ප්‍රවේශය අන්තර්ජාලයට

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා වන අයදුම් පත්‍ර අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමේ අවස්ථාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අදාළ අයදුම් පත්‍ර www.ugc.ac.lk යන වෙබ් අඩවිය ඔස්සේ යොමු කළ හැකි බවත් අදාළ අයදුම්පත් බාරගැනීම මැයි මස 29 වන දිනෙන් අවසන් වීමට නියමිත බවත් වැඩි දුරටත් එම කොමිසම ප්‍රකාශ කරයි.

මෙවර අධ්‍යයන වර්ෂය සඳහා වන විශ්වවිද්‍යාල ප්‍රවේශ  සිසු අත්පොත ද ඊයේ (15) දිනයේ සිට අදාළ වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn