ප්‍රංශ ජනාධිපති කියුබාවේ ඉතිහාස ගත සංචාරයකට එක්වේ

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් හා තිස්දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් සමගින් පසුගියදා කියුබාවේ සංචාරයක නිරත වූ අතර එය කියුබාවේ සංචාරයක නිරත වූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස වාර්තා වේ.

එම සංචාරයේ නිරත වෙමින් කියුබානු හිටපු නායක රාවුල් කස්ත්‍රෝ හමු වී ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ”මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්‍රාහ විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමියේ එම මිනිසා හමුවීමටයි.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ සංචාරයේදී හවානා විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා දේශනයක්ද පවත්වා තිබේ. ප්‍රංශ ජනාධිපතිවරයා සමග සංචාරයට පැමිණි දුත පිරිසේ සියලුම දෙනා ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ය. ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ නායකයාද වන ප්‍රංශුවා ඔලොන්ද් තරුණ විය චේ ගුවේරාට දැඩි ලෙස ආදරය කල බවත් ඔහුට ගරු කළ බවත් කියුබානු විප්ලවයේ පියා වන ෆිදෙල් කැස්ත්‍රෝ පවසා තිබේ. එසේම චේ ගුවේරාගේ සමීපතමයා සමග කතා කිරීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙසද ප්‍රකාශ කර තිබේ. සංචාරයේදී දෙරට අතර කෘෂිකාර්මික, කාර්මික, පාරිසරික කරුණු පිළිබඳව ෆිදෙල් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

වසර 50කට අධික කාලයක් ඇමෙරිකානු සම්බාධක මධ්‍යයේ නැගී සිටි කියුබාව කෙරෙහි විදෙස් රටවල දැඩි කතාබහක් ඇති වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියුබාවට පක්ෂපාතී යෝජනාවන් විශාල රටවල් ප්‍රමාණයක් සහයෝගය දැක්විය.

1959 ජනවාරි 01 වැනිදා ඒකාධිපති බැටිස්ටාගේ පාලනයෙන් කියුබාව මුදාගත් පිදෙල් කැස්ත්‍රෝගේ සිය රට අධිරාජ්‍යවාදයේ බැම්මෙන් මුදා ගැනීමටත් අධිරාජ්‍යවාද එරෙහිව කටයුතු කිරීමත් ආරම්භ කළේය. එයින් උරණ වූ ඇමෙරිකාව 1962 පෙබරවාරී 07 වැනිදා සිට කියුබාව වෙත දැඩි ආර්ථීක සම්බාධක පණවමින් කියුබානු සමාජවාදී පාලනය පෙරළා දැමීමට උත්සාහ කළ අතර ඉන් නොනැවතුන ඇමෙරිකාව අසාර්ථක කුමන්ත්‍රණයක්ද දියත් කරනු ලැබීය. එහෙත් එම තත්වයන්ට වඩා හොදින් මුහුණ දෙමින් කියුබාව නොසැලී ඉදිරියට ගෙන යාමට ෆිදෙල් කස්ත්‍රෝ නායකත්වය දුන් අතර කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා CIA සංවිධානය දැඩි වෙහෙසක් ගනු ලැබීය.

එහෙත් 2008 පෙබරවාරී 24 වැනිදා  රාහුල් කැස්ත්‍රෝ කියුබාවේ ජනාධිපති ලෙස පත් වීමෙන් පසු 2014 දෙසැම්බර් මස 17 වැනිදා ඇමෙරිකාව විසින් පැණවූ තහංචි ඉවත් කර ගන්නා බවත් ඇමෙරිකාව කියුබානු සමජවාදී පාලනය පෙරලා දැමීමට දැරූ උත්සාහයන් අසාර්ථක වූ බවත් ජනාධිපති බරක් ඔබාමා පිළිගත්තේය. පසුගියදා ලතින් ඇමෙරිකානු කලාපීය රටවල සමුළුවට සහභාගී වෙමින් බරක් ඔබාමා කියුබාව ප්‍රමුඛ ලතින් ඇමෙරිකානු රටවල් කෙරෙහි දැරූ ඇමෙරිකානු ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බව ප්‍රකාශ කළේය. 

Facebook
Twitter
LinkedIn