”දින100 අවසන්! අලුත් දේශපාලන ගමනකට පෙළ ගැසෙමු!” යන තේමාව යටතේ බොරැල්ල නගරයේදී අද (15) පස්වරුවේ පත්රිකා බෙදා හැරීමේ නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරි සාමාජිකයකු වන සුමිත් පද්මපෙරුම ඇතුළු තවත් සාමාජිකයකු බොරැල්ල පොලිසියේ පරිසර පොලිස් ඒකකයේ යැයි හඳුන්වමින් පැමිණි 5 දෙනෙකු පැමිණ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 13 වැනිදා සිට දිවයින පුරා සෑම නගරයකම බෙදා හැරීම ආරම්භ කළ”දින100 අවසන්! අලුත් දේශපාලන ගමනකට පෙළ ගැසෙමු!” යන තේමාව සහිත පත්රිකාව බෙදා හරිමින් සිටියදී බොරැල්ල මංසන්දියේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනා අමානුෂික අන්දමින් මිනිසුන් බලා සිටියදී බොරැල්ල පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.
Views: 0









