ආසියාවේ ප්‍රබලයින් දෙදෙනා මුණ ගැසෙයි

චීන රජයේ ආරාධනයක් අනුව එහි තෙදින නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර සාකච්ඡා වටයක් ඊයේ (14) පැවැති බව වාර්තා වේ.

ආසියාවේ විශාලම රටවල් දෙක මෙන්ම ලොව නැගී එන ආර්ථිකයන් හිමි දෙරටක් වන ඉන්දියාව හා චීනය අතර පැවැත්වෙන මෙම ද්වී පාර්ශවික සාකච්ඡා ආසියාවේ ස්ථාවරත්වයට ශක්තියක් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

දශක ගණනාවක් තිස්සේ ඉන්දු – චීන දේශ සීමා ගැටලුවක් පවතින අතර ඒ හේතුවෙන් පසුගිය කාලය පුරාවට දෙරට අතර ආර්ථික ගනුදෙනු හා රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලට බාධා ඇති වී තිබිණ. සාකච්ඡාවලදී දේශසීමා ගැටලුව පිළිබඳවත් නේපාලයට බලපෑ භූකම්පනය පිළිබඳවත් සාකච්ඡා පැවැති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn