වීරවංසගේ බිරිදගේ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව CIDය කියයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන බවය. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙම නඩුව සැප්තැම්බර් 09 වන දා තෙක් කල් තබා ඇත.

නීති විරෝධී ආකාරයෙන් ව්‍යාජ උප්පැන්න සහතිකයන් සකස් කිරීම, ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කිරීම හා ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම ශෂී වීරවංසට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ.

Facebook
Twitter
LinkedIn