මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ගෙන ඒමට සූදානම් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබා දීම සතියකින් කල් දැමීමට එහිදී තීරණය කර තිබේ.
එම සංශෝධනය සඳහා දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වූ යෝජනා සළකා බලා නැවතත් 20 වැනි කෙටුම්පත සකස් කිරීමට එහිදී තීරණය වී තිබේ. ඒ සඳහා කැබිනට් අනු කමිටුවක්ද පත් කර ඇති අතර සරත් අමුණුගම, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, එස්.බී. දිසානායක, රවුෆ් හකීම් සහ පී. දිගම්බරම් යන පිරිස එයට ඇතුළත් වේ.
ඒ අනුව ඉදිරියේදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් සකස් කෙරෙනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙණු ඇත.
Views: 0









