ටික්ටොක් විකුණා දැමීමට ඇමරිකාවේ බලපෑම්

ටික්ටොක් විකුණා දැමීමට ඇමරිකාවේ බලපෑම්

ටික්ටොක් මෙවලම විකුණා දැමිය යුතු බවත් එසේ නොමැතිනම් රට තුළ තහනමකට ලක් කිරීමකට සිදුවනු ඇති බවට ඇමරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන සමාගමක් වන ByteDance සමාගමට අයත් මෘදුකාංගයක් වන ටික්ටොක් යෙදුම ඇමරිකාව තුල පමනක් ජනවාරි මාසය වන විට මිලියන 113.3ක පරිශීලකයින් පිරිසක් භාවිතා කර ඇති අතර මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ මිලියන ගණනක් පරිශීලකයින් ගේ දත්ත එකතු කිරීම මගින් ජාතික ආරක්ෂක අවදානමකට ලක්ව ඇති බවයි

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ (WSJ) ප්‍රථමයෙන්ම මෙම ඇමරිකානු රජය විසින් කල හිමිකාරීත්වය වෙනස්කිරීම පිළිබඳ පුවත වාර්තා කල අතර පසුව එය විදෙස් මාධ්‍ය මගින් තහවුරු කිරීමට කටයුතු කලේය.

Facebook
Twitter
LinkedIn