දිස්ත්‍රික්ක 22ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – මුද්‍රණාලාධිපතිනී

දිස්ත්‍රික්ක 22ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – මුද්‍රණාලාධිපතිනී

මේ වනවිට දිස්ත්‍රික්ක 22කට අදාල තැපල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එම ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කර ඇතැයිද මේ වනවිට පළාත් පාලන මැතිවරණයට අදාළව රුපියල් කෝටි 15කට වැඩි වටිනාකමකින් යුතු මුද්‍රණ කටයුතු සිදු කර ඇතැයිද ඉන් රුපියල් කෝටි 07කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇතැයිද රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn